ජගත් මහලේකම්වරයා අගෝස්තු 31 ශ්‍රී ලංකාවට

Friday, 26 August 2016 - 7:57

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B6%9C%E0%B7%9D%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+31+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කී මූන් මේ මස 31 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණෙනවා.

නිව්යෝක් නුවර ජගත් සංවිධාන මූලස්ථානයේ ඊයේ (25) පැවති දෛනික මාධ්‍ය හමුවේදී මහලේකම්වරයාගේ ප්‍රකාශකයා සදහන් කළේ ඔහු දින 4 ක් ශ්‍රී ලංකාවේ රැදී සිටින බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු රජයේ සහ පාර්ලිමේන්තු නියෝජිතයන් මුණ ගැසෙන ජගත් සංවිධාන මහලේකම්වරයා යාපනය සහ ගාල්ලේ ද සංචාරය කිරීමට නියමිතයි.

උතුරේ නැවත පදිංචි කිරීම් පිළිබදව අවබෝධයක් ලබා ගැනීම ජගත් මහලේකම්වරයාගේ යාපන සංචාරයේ අරමුණයි.

තරුණ සංහිදියාව සහ සහජීවනය පිළිබද ගාල්ලේ පැවැත්වෙන උත්සවයකට ද ජගත් මහලේකම්වරයා සහභාගි වනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන්කී මූන් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඔහුගේ ආසියානු සංචාරයේ එක් පියවරක් ලෙසයි.

හෙට නිව්යෝක් නුවරින් නික්මෙන මහලේකම්වරයා මුලින්ම සිංගප්පූරුවට පැමිණෙන අතර, ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මියන්මාරයේ ද සංචාරය කිරීමෙන් අනතුරුවයි.

මියන්මාරයේදී ජගත් මහලේකම්වරයා එරට විදේශ කටයුතු ඇමතිනිය වන අවුන්සාන් සුකී ද මුණ ගැසෙනු ඇති.

ඉන් පසු ඔහු චීනයේ පැවැත්වෙන ජී.20 සමුළුවට මෙන්ම ලා ඕසයේ පැවැත්වෙන ආසියාන් - ජගත් සංවිධාන සමුළුවට ද සහභාගි වීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories