ඉතාලි භූ කම්පන කලාපයේ හදිසි නීතිය

Friday, 26 August 2016 - 8:02

%E0%B6%89%E0%B6%AD%E0%B7%8F%E0%B6%BD%E0%B7%92+%E0%B6%B7%E0%B7%96+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
පුද්ගලයන් 250 කට වැඩි පිරිසකට මරු කැදවමින් තවත් 365 දෙනෙකුට තුවාල සිදුකරමින් රික්ටර් පරිමාණයේ 6 යි දශම 2 ක භූ කම්පනයක් සිදුවූ මධ්‍යම ඉතාලියේ ප්‍රදේශවල හදිසි නීතිය පනවා තිබෙනවා.

අග්‍රාමාත්‍ය මැට්ටියෝ රෙන්සි ප්‍රකාශ කළේ භූ කම්පනයේ විනාශය යළි ගොඩනැගීම සදහා යූරෝ මිලියන 50 ක් වැය කරන බවයි.

නව ඉදිකිරීම් භූ කම්පන වලට ඔරොත්තු දෙන ලෙස සිදුකිරීමටයි ඉතාලි රජය සැලසුම් කර ඇත්තේ.

කෙසේ නමුත්, ඉතාලියේ ඓතිහාසික නගරවල පැරණි ගොඩනැගිලි මෙලෙස ප්‍රතිසංස්කරණය කිරීම අභියෝගයක් ලෙස සැලකෙනවා.

මධ්‍යම ඉතාලියේ ඇමටි‍්‍රස්, ඇර්කුවේටා, ඇකමෝලි, පෙස්කාරා - ඩෙල් - ට්‍රොන්ටෝ යන නගරවලටයි භූ කම්පනය දරුණු ලෙස බලපා ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories