ඕමන්තෙන් අවි තොගයක් මතුවෙයි (ඡායාරූප)

Friday, 26 August 2016 - 10:43

%E0%B6%95%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
යුධ ගැටුම් පැවති සමයේදී එල් ටී ටී ඊ සංවිධානය විසින් සගවා තිබු අවි ආයුධ තොගයක් ඕමන්ත ප්‍රදේශයෙන් හමුවී තිබෙනවා.

ඕමන්ත පාලමොට්ටෙයි ප්‍රදේශයේ වළ දමා තිබු මෙම ආයුධ තොගය හමුවී ඇත්තේ නිවසක් ඉදි කිරීම සඳහා බිම සකස් කරමින් සිටි පිරිසකටයි.

ඒ සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය දැනුවත් කිරීමෙන් පසු ආයුධ තොගය සොයාගෙන තිබෙනවා.

එල් එම් ජී සහ එම් පී එම් ජී වර්ගයේ අවි 30 ක් ඒ අතර වන බව සඳහන්.

ගොඩගන්නා විටත් මෙම අවි දැඩි ලෙස දිරාපත්ව තිබු බවටයි වාර්තා වන්නේ.

සිද්ධිය පිළිබඳ ඕමන්ත පොලිසිය විමර්ශණ මෙහෙයවනවා.



ඡායාරූප - වන්නි රොමේෂ් මදුෂංක



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories