යෝෂිත රාජපක්ෂගේ මිත්තණියට ඇප

Friday, 26 August 2016 - 12:47

%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස කළ දැනුම් දීම අවස්ථා කිහිපයකදී පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ යෝෂිත රාජපක්ෂගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට් පෞද්ගලික ඇපයක් මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි ඉඩමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටයි ඇය එලෙස කැදවා තිබුණේ.

කෙසේ වෙතත්, ඇයගේ නීතිඥවරුන් අද අධිකරණයට දැනුම්  දුන්නේ පවතින සෞඛ්‍ය තත්ත්වය මත ලබන 31 වන දා ඇයට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටිය හැකි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories