සම්මුතිවාදී දේශපාලනයට කාලය එළඹිලා - හේමකුමාර

Friday, 26 August 2016 - 12:57

%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%91%E0%B7%85%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%8F+-+%E0%B7%84%E0%B7%9A%E0%B6%B8%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB
දේශපාලන පක්ෂ කඩන වර්ගවාදී දේශපාලනයෙන් ඉවත් වී සියල්ලන් සම්මුතිවාදී දේශපාලනයට අවතීර්ණ විය යුතු කාලය උදා වී ඇති බව මව්බිම ජනතා පක්ෂයේ නායක දකුණු පළාත් ආණඩුකාර හේමකුමාර නානායක්කාර පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ එම පක්ෂයේ සංවත්සරික මහා සමුළුවට අද (26) කොළඹදී එක්වෙමින්.

‘‘වසර 32 ක් පුරා නොනවතින යුද්ධයක් ආරම්භ වෙලා තිබුණා. අවසානයේදී ඒ යුද්ධය අවසාන කරලා රට ගොඩනැගීමේ කාර්ය ඉෂ්ඨ කරන්නට ඵෙතිහාසික විප්ලවීය සන්ධිස්ථානයකට පැමිණි අවස්ථාවක ඒ පක්ෂවලින් කෑලි කෑලි කඩන්නට කිසියම් කෙනෙක් උනන්දු කරනවා නම්, කටයුතු කරනවා නම් ඒ හානිය මේ රටේ පොදු ජනතාවට කියන එක මම අවධාරණය කරන්න කැමතියි. අද සිදුවිය යුත්තේ පක්ෂ කඩන එක නෙවෙයි. අද සිදුවිය යුත්තේ වර්ගවාදී දේශපාලනය නොවේ. අද අපේ වගකීම විය යුත්තේ සම්මුතිවාදී දේශපාලනයයි. මාක්ස්වාදී පක්ෂ, විප්ලවවාදී පක්ෂ මේ සියලූ දෙනා එකම තෝ තැන්නක එකම නායකත්වයක සාකච්ඡා කරලා සම්මුතිවාදීව සමගියෙන් අපට යා හැකි දුර යන්න කටයුතු කිරීමයි.’’ යනුවෙන් ඔහු එහිදී සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories