කරුවලගස්වැව වන අලි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පස් හැවිරිදි දරුවෙකුත් මියයයි

Saturday, 27 August 2016 - 14:00

%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B6%9C%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B7%80+%E0%B7%80%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD+%E0%B6%BD%E0%B7%90%E0%B6%B6%E0%B7%96+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ  - කරුවලගස්වැව - මීඔය පාලම ආසන්නයේදී වෑන් රථයකට අද උදෑසන එල්ලවූ වන අලි ප්‍රහාරයෙන් තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර සිටි පස් හැවිරිදි පිරිමි දරුවා මියගොස් තිබෙනවා.

ජාතික රෝහලේ ප්‍රකාශිකාවක් සඳහන් කළේ ඔහු අද පෙරවරුවේ මියගිය බවයි.

මෙම ප්‍රහාරයෙන් වෑන් රථයේ ගමන් කළ 11 දෙනෙකු තුවාල ලැබූ අතර, ඉන් එක් අයෙකු පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී මියගියා.

ඒ අනුව මෙම දරුවාද සමඟ වන අලි ප්‍රහාරයෙන් දෙදෙනෙකු මියගියා.

ඔවුන් මෙම ප්‍රහාරයට ලක්වුණේ කටුනායක ගුවන් තොටුපල බලා පැමිණෙමින් සිටියදියි.




ඡායාරූප - හිරාන් ප්‍රියංකර



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories