බලමණ්ඩල කැඳවන මන්ත්‍රීවරුන්ට නිදහස් පක්ෂයෙන් සිහිකැඳවීමක්

Saturday, 27 August 2016 - 18:12

%E0%B6%B6%E0%B6%BD%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%B1+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ආසන බලමණ්ඩල කැඳවා සංවත්සරයට සහභාගි වීම පිළිබඳව කරුණු විමසීම අනුමත කළ නොහැකි තත්ත්වයක් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්, අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ ආසන බල මණ්ඩලයේ තීරණය අනුව නිදහස් පක්ෂයේ සංවත්සරයට සහභාගිවීම පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ගෙන ඇති තීරණය පිළිබඳව හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින්.

‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ කොහේද යන කාරණාව ගමේ බල මණ්ඩල කැඳවලා අහන්න තරම් දේශපාලන නායකත්වයක් තියෙන අයෙකුට අවශ්‍යතාවක් නැහැ.
කවුරුහරි බල මණ්ඩල කැඳවලා අපි යන්නද? එන්නද කියලා අහනවා නම් මම හිතන්නේ එහෙම නම් පහුගිය කාලේ එක්සත් ජාතික පක්ෂයේ අය අරගෙන ඇමතිකම් දෙනකොට අපි ඔය වැඩේම කළාද? බල මණ්ඩලයෙන් ඇහුවාද? අපේ අයට ගහලා සමහර වෙලාවට නොයෙකුත් ප්‍රශ්න ඇති කරලා තියෙනකොට එහෙම ඇහුවේ නැහැ.
යම් කිසි කාරණාවක් පිළිබඳව මනා අවබෝධයක් නොමැති පිරිසගෙන් තොරතුරු ටිකක් විමසලා මම ඒකට යන්නද එන්න ද අහනවානම් ජනතාවම අපහාසයට ලක්වීමක් මේක.’’

යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories