මහඇමති සහ ආණ්ඩුවේ ඇමති අම්පාරේ සතිපොලක් දෙවරක් විවෘත කරයි (ඡායාරූප)

Saturday, 27 August 2016 - 18:14

%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%84+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%9A+%E0%B7%83%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%98%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වසරකට ආසන්න කාලයක් වෙළඳුන් විසින් භාවිත කළ අම්පාර - දමන ප්‍රාදේශීය සභාවට අයත් හිඟුරාන සතිපොල අද (27) දෙවරක් විවෘත කර තිබුණා.

ඒ, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ සහ නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් විසින්.

පසුගිය රජය සමයේ මෙම සතිපොල ඉදිකර ඇත්තේ රුපියල් කෝටි තුනහමාරකට අධික මුදලක් වැය කරමින්.

පසුව එය වෙළඳුන් භාවිතයට ගත්තා.

මේ අතරතුරයි සතිපොල විවෘත කිරීමට නැගෙනහිර පළාත් මහ ඇමතිවරයා සහ එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරුන් අද (27) කටයුතු සූදානම් කර ඇත්තේ.

දැනට භාවිත කරමින් තිබෙන සතිපොල නැගෙනහිර මහඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ බවට වන සමරු ඵලකයක්ද ඒ සඳහා ඔවුන් එහි සවිකර තිබුණා.

උත්සවය ආරම්භවීමට පෙර හදිසියේ එම ස්ථානයට අමාත්‍ය දයා ගමගේ සහ ඔහුගේ බිරිඳ වන නියෝජ්‍ය ඇමතිනි අනෝමා ගමගේ ඇතුළු පිරිසක් පැමිණීමත් සමඟයි මෙම තත්ත්වය මතුවුණේ.

අමාත්‍යවරයා පැමිණෙනු දුටු සංවිධායකයන් මගුල් බෙර වාදනය කර ඔහු පිළිගෙන ඇති අතර, නැගෙනහිර මහ ඇමතිවරයා ඇතුළු පිරිස එම ස්ථානයට පැමිණීමට පෙර දයා ගමගේ අමාත්‍යවරයා සතිපොල විවෘත කර තිබෙනවා.

ඒ, සමරු ඵලකයද නිරාවරණය කරමින්.

අප වාර්තාකරු පැවසුවේ එය ආවරණය කර තිබූ රෙදි කැබැල්ලද එම ස්ථානයේ සිටි පිරිසක් රැගෙන ගිය බවයි.

අමාත්‍ය දයා ගමගේ ඇතුළු පිරිස එම ස්ථානයෙන් පිටව ගොස් ටික වේලාවකට පසු නැගෙනහිර මහ ඇමති නසීර් අහමඩ් සහ පළාත් සභාවේ සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති ඇතුළු එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් එම ස්ථානයට පැමිණියා.

ඒ, සූදානම් කර තිබූ පරිදි සතිපොල විවෘත කිරීමටයි.

එහෙත් ඒ වනවිට දයා ගමගේ අමාත්‍යවරයා එය විවෘත කර තිබීම නිසා සංවිධායකයන් සමරු ඵලකය කොල කැබැල්ලකින් යළි ආවරණය කර තිබුණා.

ඒ අනුව මහ ඇමතිවරයා ඇතුළු පිරිසද යළි එම කොල කැබැල්ල ඉවත් කර සතිපොල විවෘත කළ බවයි එහි සිටි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

එම අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වු නැගෙනහිර පළාත් සභාවේ සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති අමාත්‍යවරයා සිදුකළ ක්‍රියාව කණගාටුදායක බව සඳහන් කළා.




ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories