දෙනව කිව්ව ඒවා කෝ ? - හිටපු ජනපති විමසයි

Sunday, 28 August 2016 - 13:00

%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%80+%E0%B6%9A%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80+%E0%B6%92%E0%B7%80%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9D+%3F+-+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B7%83%E0%B6%BA%E0%B7%92
තම පාලන සමයේ වැඩ ආරම්භ කළ ව්‍යාපෘති වත්මන් ආණ්ඩුව විවෘත කරමින් සිටින බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනාවක් එල්ල කළා.

ඔහු මේ බව සඳහන් කළේ ආණමඩුව ප්‍රදේශයේ ඊයේ (27) පැවති ජනහමුවකට එක්වෙමින්.

‘‘දෙනවයි කිව්ව මෝටර් සයිකලෙත් නෑ.
දෙනවයි කිව්ව 50,000 ත් නෑ ගෙවපු.
වයිෆයිත් නෑ.
ඒක දැන් හයිෆයි වෙලා.
දැන් අර ලාබෙට දෙනවා කිව්ව කාර් එක දැන් මග එනවලු.
වොක්ස්වැගන් එක.
දැන් ගිහිල්ලා ලෝකේ වටේ කියන්නේ හම්බන්තොට.
ඒවා විකුණනවා ගිහිල්ලා.
මෙන්න ෂෝක් අපේ රටේ තියෙනවා හොද වරායක්.
මේකට එන්න නැව් වලට.
කර්මාන්තපුර ආරම්භ කරන්න ඒකේ.
ඒකේ එයාර්පෝට් එකකුත් හදලා තියෙනවා.
හයිවේ එකකුත් තියෙනවා.
කෝචිචයකුත් එනවා.
දැන් කිය කිය මේක විකුණනවා.
මේ දැන් ඉතිං විවෘත කරනවා මට බැන බැන.
මේ, මම මුල්ගල තියලා හදලා ඔක්කොම කරලා.
මට මුල්ගල් තියන්න යන්න බැරි වුණාම මන්ත්‍රීවරු ගියේ.
අපිට වෙලාවක් නෑ යන්න, ඇමතිවරු ගියේ. මුල්ගල් තිය තියා යන්න වෙලාවක් තිබ්බෙත් නෑ,
විවෘත කරන්න වෙලාවකුත් තිබ්බේ නෑ.
ඒ ඔක්කෝම මෙයාලා විවෘත කරනවා, විවෘත කරන ගමන් ගහන්නේ ගලේ කොටන්නේ....ඔව් යහපාලනේ....යහපාලනේ.’’



 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories