අත, හංසයාට මාරු නොවන බව ඇමති එස්.බී. කියයි

Monday, 29 August 2016 - 7:28

%E0%B6%85%E0%B6%AD%2C+%E0%B7%84%E0%B6%82%E0%B7%83%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%9C%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%91%E0%B7%83%E0%B7%8A.%E0%B6%B6%E0%B7%93.+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හංසයා ලකුණ යටතේ තරඟ කරන බවට ඇතැම් පුද්ගලයන් කරන ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය බව එම පක්ෂයේ භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී. දිසානායක පවසනවා.

පේරාදෙනිය - ගලහ ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඔහු කියා සිටියේ අලියා සහ අත සලකුණ 1952 වසරේ සිට වෙන් වෙන්ව තරඟ කර ඇති බවයි.

 ‘‘ප්‍රසන්න රණතුංග මැතිතුමා, එතුමා ප්‍රකාශයක් කරලා තිබ්බා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙ අපි මීළග මැතිවරණයේදි හංසයාගෙන් තරඟ කරන්න සැලසුම් කරනවා කියලා.
ඒක සම්පූර්ණයෙන්ම වැරදියි.
අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත් හැම වෙලේම කියන්නේ ඡන්දෙ ආවාම අපි වෙන් වෙලා තරඟ කරමු කියලා.
පසුගිය මැතිවරණෙදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උත්සාහ කළා චමල් රාජපක්ෂ මැතිතුමාව අගමැති අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරලා එතුමා මේ මැතිවරණයට නායකත්වය දෙන්න.
එතුමාගේ පවුලෙන්ම ඉඩකඩ ලැබුනේ නෑ ඒකට.
හංසයාගෙන් අපි එනවා කියන කතාව මේ පක්ෂෙ ඇතුලේ භේද කරන්න, පක්ෂේ සාමාජිකයෝ කලකිරවන්න පක්ෂේ මිනිස්සු කල්ලි කණ්ඩායම්වලට කඩලා දුර්වල කරන්න ගන්න උත්සාහයක් කියලා කියන්න මං කැමතියි.
ඒ වගේම අපේ රංජිත් සොයියා මැතිතුමා අත ලකුණෙන් අපි තරඟකරන්නේ අත අලියාගේ එල්ලා ද කියලා අහලා තිබුණා.
විහිලු කතාවක් ඒක.
අලියයි අතයි 1952 ඉදලා වෙන් වෙලා තරග කරලා හුරු පක්ෂ දෙකක්.
ලකුණු දෙකක්.
අත ලකුණ කාගෙවත් එල්ලා තරඟ කරන්න බලාපොරොත්තුවක් නෑ අපේ.
ඒක පක්ෂෙට කරපු අපහාසයක්.
පක්ෂෙ ලාංඡනේට කරපු නින්දාවක් කියලා අපි දකින්නේ.’’



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories