පුත්තලම - අනුරාධපුර මාර්ගයේ - කරුවලගස්වැව - මීඔය පාලම ආසන්නයේදී දෙදෙනෙකුට මරු කැඳවමින් වෑන් රථයේ ගැටුණු වන අලියා සොයා ඊයේ ආරම්භ කළ මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි.
ඒ සඳහා වනජීවී නිලධාරී කණ්ඩායම් කිහිපයක් එක්ව සිටින බවයි තිරසාර සංවර්ධන සහ වනජිවි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
මීඔය පාලම ආසන්නයේදී මෙම වන අලියා වෑන් රථයක ගැටී තිබුුණේ පෙරේදා දිනයේයි.
සිද්ධියෙන් කෝපයට පත් අලියා මෙම වාහනයට පහරදුන් අතර, එහිදී පස් හැවිරිදි කුඩා දරුවෙකු සහ තවත් පුද්ගලයෙකු මියගියා.
ඊට අමතරව සිද්ධියෙන් තවත් අටදෙනෙකු තුවාල ලැබුවා.
එම අවස්ථාවේදී වනඅලියා වෑන් රථයේ ගැටීම නිසා තුවාල සිදුව ඇති බවටයි වාර්තා වුණේ.
මේ හේතුවෙන් වනඅලියා අනතුර සිදුවූ ප්‍රදේශය අවට රක්ෂිතයක සිටිනු ඇති බවටයි වනජිවි නිලධාරින් සැක පළ කරන්නේ.
කෙසේ වෙතත්, මෙම වනඅලියා මෙතෙක් සොයා ගැනීමට හැකිවී නැහැ.
තිරසාර සංවර්ධන සහ වනජිවි අමාත්‍ය ගාමිණී ජයවික්‍රම වැඩිදුරටත් සඳහන් කළේ වනඅලි මාර්ගය හරහා ගමන් කරන ස්ථාන හඳුනාගෙන රියදුරන් දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවයි.
ඒ සඳහා පොලිස් නිලධාරින්ගේ සහය ලබාගන්නා බවයි ඔහු කියා සිටියේ.
Update : Monday, August 29, 2016 : 1.33
.....................................................................................................................
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ - කරුවලගස්වැව - මීඔය පාලම ආසන්නයේදී දෙදෙනෙකුට මරු කැඳවමින් වෑන් රථයේ ගැටුණු වන අලියා සොයා වනජීවී නිලධාරීන් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
අනතුරින් පසුව වන අලියා ගමන් කළ ප්‍රදේශය සොයා මෙම මෙහෙයුම ආරම්භ කළ බවයි වන ජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු හිරු ප්රවෘත්ති අංශයට සඳහන් කළේ.
පසුගිය සෙනසුරාදා මීඔය පාලම ආසන්නයේදී වෑන් රථයක මෙම වන අලියා ගැටී තිබුණා.
සිද්ධියෙන් කෝපයට පත් අලියා මෙම වාහනයට පහරදුන් අතර, එම සිද්ධියෙන් පස් හැවිරිදි කුඩා දරුවෙකු සහ තවත් පුද්ගලයෙකු මියගියා.

ඡායාරූප - හිරාන් ප්‍රියංකර

Follow US
Most Viewed Stories