වෛද්‍ය පරීක්ෂණයට පැමිණි තරුණියක් අතවරයට ලක්කිරීම පිලිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි නියෝගයක්

Monday, 29 August 2016 - 9:21

%E0%B7%80%E0%B7%9B%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පැමිණි තරුණියක් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදි අතවරයකට ලක් කිරීම පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්නන්නැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම රෝහලේ අධ්‍යක්ෂවරයාට නියෝග කර තිබෙනවා.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි අදාළ නියෝගය නිකුත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය කාර්යාලය තුළදී වෛද්‍යවරයෙකු විසින් මෙම තරුණිය අතවරයට ලක්කර ඇති බවයි මාධ්‍ය අනාවරණ කර ඇත්තේ.

ඒ අනුව අදාළ සිද්ධියේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ නිවැරදි විමර්ශනයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නියෝග කර ඇති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories