ඇමති මහින්ද සමරසිංහ, රාජ්‍ය ඇමති පාලිතට බලය බෙදයි

Monday, 29 August 2016 - 13:06

%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B7%83%E0%B7%92%E0%B6%82%E0%B7%84%2C+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු අමාත්‍යාංශය යටතේ පැවරී ඇති විෂයන් හා කාර්යායන්වලින් කිහිපයක් විෂය භාර අමාත්‍ය මහින්ද සමරසිංහ විසින් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර වෙත පවරා තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය පසුගිය 25 වනදා නිකුත් කර තිබුණා.

ඒ අනුව වෘත්තිය පුහුණු අමාත්‍යාංශය යටතේ පවතින කාර්මික අධ්‍යාපනය හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවට අයත් වෘත්තිය සහ කාර්මික අධ්‍යාපනය ලබාදීම සම්බන්ධනේ වන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වෙත පැවරෙනු ඇති.

එසේම විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ සම්බන්ධ විදේශ රැකියා අපේක්ෂිත තරුණ පිරිස සඳහා ජාත්‍යන්තර ඉල්ලූමට සරිලන පුහුණු අවස්ථා ලබාදීමට අදාළ කටයුතු ද රාජ්‍ය අමාත්‍යවරයා වෙත පවරා තිබෙනවා.

කෙසේ වෙතත් අප මේ සම්බන්ධනේ රාජ්‍ය අමාත්‍ය පාලිත රගේ බණ්ඩාරගෙන් විමසීමක් කළා.

ඔහු කියා සිටියේ තමන්ට පවරා ඇති කාර්යයන් සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories