මාළඹේ වෙඩි තැබීම ගැන තවත් පිරිසකගෙන් ප්‍රශ්න කෙරේ

Monday, 29 August 2016 - 13:09

%E0%B6%B8%E0%B7%8F%E0%B7%85%E0%B6%B9%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
මාළඹේ - ඉසුරුපුරදී නාඳුනන තුවක්කුකරුවෙකුගේ වෙඩි ප්‍රහාරයකින් කාන්තාවක් තුවාල ලැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දසදෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලීසිය පවසනවා.

ඒ අතර වෙඩි ප්‍රහාරයට ලක්වූ කාන්තාවගේ සැමියා වන යුද හමුදා ලුතිනන් කර්නල්වරයා සහ ඔහුගේ ඥාතීන් කිහිපදෙනෙකුද සිටින බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මේ අතර අද දිනයේදී තුවාල ලැබූ කාන්තාවගේ සැමියා වන හමුදා කර්නල්වරයා යටතේ සේවය කරන සහ ඔහු ඇසුරු කරන පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිතයි.

කඩුවෙල - මාළඹේ - ඉසුරුපුර ප්‍රදේශයේ නිවස තුළ සිටියදී මෙම තිදරු මව වෙඩි ප්‍රහාරයකට ලක්වූයේ පෙරේදා  රාත්‍රියේදියි.

ඇය සිය දරුවන් සමඟ නින්දට යාමට සූදානම් වන මොහොතේ නාඳුනන තුවක්කුකරුවෙකු විසින් කාමරයේ ජනේලයෙන් වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා.

මේ අතර වෙඩි වැදුණු කාන්තාව, සැමියාගෙන් දික්කසාද වීම සඳහා නඩුවක් පවරා ඇති අතර, එය ලබන මස මුල් සතියේදී විභාග වීමටද නියමිතව තිබූ බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.  

තුවාල ලැබූ කාන්තාව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories