කුවේට්හි වද හිංසාවට ලක්වූ කාන්තාවන් 35ක් ශ්‍රී ලංකාවට

Monday, 29 August 2016 - 13:39

%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%A7%E0%B7%8A%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B6%AF+%E0%B7%84%E0%B7%92%E0%B6%82%E0%B7%83%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+35%E0%B6%9A%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
කුවේට් රාජ්‍යයේ ගෘහ සේවයට ගොස් විවිධ වදහිංසාවන්ට ලක්වූ කාන්තාවන් 35 දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබෙනවා.

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් ඊයේ මෙරටට පැමිණි මොවුන් කුවේට් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයේ රැඳී සිටි අය බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.

මේ වසරේ මේ දක්වා කාලය තුළ කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් වද හිංසාවට ලක්වූ ශ්‍රී ලාංකිකයන් 1183 දෙනෙකු මෙරටට ගෙන්වා ගෙන තිබෙනවා.

මේ අතර සෞදි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ රැඳී සිටි කාන්තාවන් 9 දෙනෙකුද ඊයේ දිවයිනට පැමිණි බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories