පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට විදෙස් ගතවීමට අවසර

Tuesday, 30 August 2016 - 11:16

%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%8B%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමියන්ට විදෙස් ගතවීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න අද(30) අවසර ලබාදුන්නා.

ඒ, තමන්ට එංගලන්තයේ ධර්ම දේශනාවක් සඳහා ලබන මස 3 වන දා සිට 7 වන දා දක්වා විදේශගත වීමට අවසර ලබාදෙන ලෙස උන්වහන්සේ ගොනු කර තිබූ මෝසම සලකා බැලීමෙන් අනතුරුවයි.

ඊයේ මෙම මෝසමක් ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී නීතිපතිවරයාගේ ස්ථාවරය අද දිනයේ දැනුම් දෙන බව රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥයින් අධිකරණය හමුවේ කියා සිටියා.

ඒ අනුව උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ ඉල්ලීමට විරෝධයක් පළ නොකරන බවයි නීතිපතිවරයා අධිකරණයට අද දැනුම් දුන්නේ.

නීතිවිරෝධී ලෙස අලි පැටවෙකු ළඟ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ උඩුවේ ධම්මාලෝක හිමියන් මේ වනවිට ඇප මත මුදාහැර සිටිනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories