බිරිඳට වෙඩි තැබීමේ සිද්ධියට, හමුදා කර්නල් අත්අඩංගුවට

Tuesday, 30 August 2016 - 12:50

%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7%2C+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මාළඹේ - ඉසුරුපුරදී වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ කාන්තාවගේ සැමියා වන යුද හමුදා ලූතිනන් කර්නල්වරයා අද පෙරවරුවේ අතුරුගිරිය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ප්‍රකාශයක් ලබාදීමට පොලීසිය වෙත පැමිණි අවස්ථාවේදීි ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

පෙරේදා දිනයේදී ද මෙම සිද්ධිය සම්බන්්ධයෙන් ලූතිනන් කර්නල්වරයා ඇතුලූ පවුලේ ඥාතීන් කිහිප දෙනෙකුගෙන් පොලීසිය ප්‍රශ්න කරනු ලැබුවා.

 එහිදී පැය 3කට ආසන්න කාලයක් ලූතිනන් කර්නල්වරයාගෙන් ප්‍රශ්න කරනු ලැබූ බවයි පොලීසිය සදහන් කළේ.

 කඩුවෙල - මාළඹේ - ඉසුරුපුර ප්‍රදේශයේ නිවස තුළ සිටියදී 43 හැවිරිදි මෙම තිදරු මව වෙඩි ප්‍රහාරයකට ලක්වූයේ පසුගිය 27 වන දා  රාත්‍රියේදියි.

ඇය සිය දරුවන් සමඟ නින්දට යාමට සූදානම් වන මොහොතේ නාඳුනන තුවක්කුකරුවෙකු විසින් කාමරයේ ජනේලයෙන් වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා.

නිවස පිටුපස බිත්තියේ සහ තවත් ස්ථාන කිහිපයක ඇති සළකුණු හේතුවෙන් මෙම සැකකරු නිවසේ පිටුපස ප්‍රදේශයෙන් පැමිණ ඇති බවට අනුමාන කළ හැකි බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

එමෙන්ම මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයක හිස් පතොරම් කිහිපයක්ද ජනේලය ආසන්නයේ වැටී තිබියදී සොයා ගැනුණා.  

මේ අතර, වෙඩි වැදුණු කාන්තාව, සැමියාගෙන් දික්කසාද වීම සඳහා නඩුවක් පවරා ඇති අතර, එය ලබන මස මුල් සතියේදී විභාගයට ගැනීමට නියමිතව තිබූ බවයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.

 තුවාල ලැබූ කාන්තාව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ තවදුරටත් ප්‍රතිකාර ලබන බව ජාතික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories