ඉන්දු - ශ්‍රී ලංකා පාලමක් මුලින් යෝජනා කළේ පසුගිය රජයයි

Tuesday, 30 August 2016 - 13:14

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F+%E0%B6%9A%E0%B7%85%E0%B7%9A+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පසුගිය රජය 2011 වසරේ දී ජාතික භෞතික සැලසුම් ව්‍යාපෘතිය යටතේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරමින් පාලමක් සහ දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට යෝජනා කර තිබූ බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.

සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර මේ බව සදහන් කර සිටියා.

එහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේ එක්සත් ජාතික පක්ෂ සංවත්සර උත්සවයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ආරාධනා කර තිබේද යන්නයි.

ඊට පිළිතුරු ලබාදුන් පාර්ලිමේන්තු මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර කියා සිටියේ ලබන 9 වන දා කොළඹ හෝටලයක සංවිධාන කර ඇති සුහද හමුව සදහා ඇතැම් විට ආරාධනා කර තිබිය හැකි බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories