ගිනිගත්හේන පොල්පිටිය ප්‍රදේශයේ ගිලා බැසීමක් (ඡායාරූප)

Wednesday, 31 August 2016 - 10:52

%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%9A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගිනිගත්හේන, පොල්පිටිය ප්‍රදේශයේ ඉදිකරමින් පවතින බ්‍රෝඩ්ලණ්ඩ් ජල විදුලි බලාගාරයේ උමං මාර්ගයට ඉහළින් නිවසක් පිහිටි ස්ථානයක් අඩි 60ක් පමණ ගිලා බැස තිබෙනවා.

මෙම ගිලා බැසීම හේතුවෙන් එහි පස් ඉවත් කරමින්  තිබු බැකෝ යනත්‍රයක් සහ ලොරි රථයක් ද පස්වලට යටවී ඇති බව සඳහන්.

පසුගිය මාසයේ 07වනදා මෙම ස්ථානයේම අඩි 50ක් ගිලා බැස ඇති අතර බලාගාරයේ ඉදිකිරීම් කරන සමාගම එහි පස් පුරවා උමං මාර්ගයේ ඉදිකිරීම් නැවත ආරම්භ කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙ හේතුවෙන් කිසිවකුටත් අනතුරක් සිදුවී නැති අතර අදාළ ප්‍රදේශයේ පදිංචි පවුල් 37ක් පමණ මේ වන විටත් ඉවත්කර තිබෙනවා.


ඡායාරූප - හැටන් රන්ජිත් රාජපක්ෂ




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories