අලුත් බලවේග ගැන ජනපති කථා කරයි

Thursday, 01 September 2016 - 7:33

%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B7%80%E0%B7%9A%E0%B6%9C+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පැවති රජයෙන් සිදුවූ අසාධාරණයන් පිළිබඳව දුක්ගැනවිලි ඉදිරිපත් කළ අයම වර්තමානයේ ඔවුන් සමඟ අලුත් බලවේග ගොඩනැගීමට එක්ව සිටින බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ බණ්ඩාරණායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේ නිර්මාණය කළ, දිවංගත හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේගේ ජීවමාන රුවට සමාන ඉටි පිළිරුවක් නිරාවරණය කිරීමේ අවස්ථාවට ඊයේ එක්වෙමින්.

තමන් පසුගිය ආණ්ඩුවෙන් ඉවත්ව පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට පෙර හිටපු අමාත්‍ය ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ජීවතුන් අතර සිටියා නම් ඔහුද පක්ෂයෙන් ඉවත්වනු ඇතැයි ජනාධිපතිවරයා මෙහිදී තවදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories