හලාවතදී දෙදෙනෙකු යටකර පළාගිය මෝටර් රථ රියදුරකු සොයා පරික්ෂණ

Thursday, 01 September 2016 - 9:00

%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BA%E0%B6%A7%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%9D%E0%B6%A7%E0%B6%BB%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
පුද්ගලයන් දෙදෙනෙකු මෝටර් රථයකට යටකර පළාගිය රියදුරෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය  පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ රාත්‍රියේ හලාවත - කටුනේරිය ප්‍රදේශයේදී මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු මාර්ගයේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනෙකු යටකර පළාගොස් තිබුණා.

පසුව පලාගිය මෝටර් රථය වෙන්නපුව ප්‍රදේශයේ ස්ථානයක දමා ගොස් තිබීයදී සොයාගත් බවයි පොලීසිය සඳහන්  කලේ.  

අනතුරින් එක් පුද්ගලයෙකු මියගිය  අතර, අනෙක් පුද්ගලයා හලාවත රෝහලට ඇතුළත්  කිරීමෙන්  අනතුරුව කොළඹ ජාතික රෝහලට මාරුකර යවා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories