රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට

Thursday, 01 September 2016 - 9:06

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
හලාවත - පුත්තලම මාර්ගයේ බංගදෙනිය ප්‍රදේශයේ ඊයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ බවුසර් රථයක්  සහ යතුරුපැදියක්  එකිනෙක ගැටීමෙන් මෙම  අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හලාවත මහ රෝහලට ඇතුළත්  කිරීමෙන්  අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් බවුසර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories