බෑන් කී මූන්ගේ සංචාරයට එරෙහිව කොළඹදී විරෝධතා

Thursday, 01 September 2016 - 12:56

%E0%B6%B6%E0%B7%91%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%93+%E0%B6%B8%E0%B7%96%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
කොළඹ - තුන්මුල්ලේ පිහිටි ජගත් සංවිධානයේ මෙරට කාර්යාලය ඉදිරිපිටට අද (01) ජාතික සංවිධාන කිහිපයක සහ ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් පැමිණියා.

ඒ, දිවයිනට පැමිණ සිටින ජගත් මහ ලේකම් බෑන් කී මූන් හමුවීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් සහ ඔහුට සංදේශ භාරදීම සඳහායී.

රාවණා බලය, සිංහල රාවය සහ තවත් සංවිධාන කිහිපයක නියෝජිතයන් අද උදෑසන ජගත් සංවිධානයේ මෙරට කාර්යාලය ඉදිරිපිටට රැස්වී මහ ලේකම් බෑන් කී මූන් හමු වී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ඉල්ලා සිටියා.

එහිදී පොලිස් නිලධාරීන් සහ රැස්ව සිටි පිරිස අතර, උණුසුම් තත්ත්වයක් හටගත්තා.

පසුව එම ස්ථානයට ජගත් සංවිධානයේ මෙරට කාර්යාලයේ නියෝජිතයෙකු පැමිණ ඔවුන්ගේ ගැටලූ සම්බන්ධයෙන් විමසා සිටි අතර, පසුව ඔහු එම ස්ථානයෙන් පිටව ගියා. කෙසේ වෙතත්, එහිදී අදහස් දැක්වු රාවණා බලය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් කියා සිටියේ එම නිලධාරීයා පැමිණ කරුණු විමසීම ප්‍රමාණවත් නොවන බවයි.

අනතුරුව ඔවුන් එම ස්ථානයෙන් පිටව යාමට උත්සාහ කිරීමත් සමඟ යළිත් වරක් පොලිසිය සමඟ උණුසුම් තත්ත්වයක් හටගත්තා.

මේ අතර, අද (01) දිනයේදී ජාතික හිමිකම් සංවිධානයද ජගත් සංවිධාන මහ ලේකම් බෑන් කී මූන්ට ලබාදීම සඳහා ලිපියක් ජගත් සංවිධානයේ මෙරට කාර්යාලයට භාරදීමට කටයුතු කළා.  

එමෙන්ම, කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමුකරන ලෙස ඉල්ලා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින්ගේ අත්සනින් යුතුව ලිපියක් අද භාරදීමට කටයුතු කළා.

කාර්යාලයේ නියෝජිතයෙකුට එම ලිපිය භාරදීමට කටයුතු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන විසින්.

මේ අතර, අද (01) පස්වරුවේ කොළඹ - කොටුව දුම්රිය පොල ඉදිරිපිටට රැස්වූ ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයින් ජගත් සංවිධාන මහලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයට සහ එක්සත් ජාතීන්ගේ අසාධාරණ බලකිරීම් හෙලා දකිමු යන තේමාව යටතේ විරෝධතාවක් පවත්වනු ලැබුවා.

මේ අතර 2009 වසරේදී හිටපු ජනාධිපති මහින්ද  රාජපක්ෂ සහ ජගත් සංවිධාන මහ ලේකම්වරයා විසින් නිකුත් කෙරුණු ඒකාබද්ධ ප්‍රකාශය පිළිබඳව මහ ලේකම් බෑන් කී මූන් සමඟ සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව දෙමළ ජාතික  සන්ධානය පවසනවා.

එහි නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ මහ ලේකම්වරයා සහ දෙමළ සන්ධාන නියෝජිතයන් අතර යාපනයේදී හෙට පැවැත්වෙන සාකච්ඡාවේදී ඒ පිළිබඳව කරුණු විමසීමට අපේක්ෂා කරන බවයි.

තුන්දින නිල සංචාරයක් සඳහා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි ජගත් සංවිධාන මහ ලේකම් බෑන් කී මූන් අද රාත්‍රියේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද හමුවනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories