update : හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සොහොයුරා ලබන 7 වනදා දක්වා රිමාන්ඩ්

Thursday, 01 September 2016 - 13:38

update+%3A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B7%80%E0%B6%82%E0%B7%81%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%8F+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+7+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F+%E0%B6%AF%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%8F+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සොහොයුරු සරත් වීරවංශ ලබන 7 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේ්ස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝග කළා.

ජනාධිපති ලේකම් කාර්යාලයට සහ නිවාස අධිකාරියට අයත් වාහන අවභාවිතාව සම්බන්ධයෙන් එල්ල වී තිබූ චෝදනාවට ප්‍රකාශයක් ලබාදීම සදහා ඔහු අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණියා.

ඉන් අනතුරුව අත්අඩංගුවට ගැනීමෙන් පසුවයි ඔහු කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කළේ.

මේ අතර, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර ප්‍රකාශයක් ලබාදීම  සඳහා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත අද උදෑසන පැමිණියා.

පැය 06 කට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.

මෙරටට සහල් ආනයනය කිරීමේදී  සිදුව ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි මොහු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත අද කැඳවා තිබුණේ.

Thursday, 01 September 2016 - 17.01
------------------------------------------------------------------

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ සොහොයුරු සරත් වීරවංශ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද අත්අඩංගුවට ගත්තා.

ඒ ප්‍රකාශයක් ලබාදීම සඳහා එම කොට්ඨාසය වෙත පැමිණි අවස්ථාවේදීයි.

ජනාධිපති ලේකම් කාර්යාලයට සහ නිවාස අධිකාරියට අයත් වාහන අවභාවිතාවක් සම්බන්ධයෙනුයි මොහුට චෝදනා එල්ල වී තිබුණේ.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories