බම්බලපිටිය ව්‍යාපාරිකයා ඝාතනයට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් තොරතුරු රැසක්

Thursday, 01 September 2016 - 18:05

%E0%B6%B6%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%BB%E0%B7%90%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනාගෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ අද (01) අත්අඩංගුවට ගත් ඔවුන් සිදුකරන ලද අනාවරණයන්ට අනුව තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු මෙම ඝාතනයට හවුල් වී ඇති බවයි.

එම සැකකරුවන් ද ඉදිරි දින කිහිපය තුළදී අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවයි පොලිසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ.

ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් සිදුකරන ලද පරීක්ෂණවලට අනුව ග්‍රෑන්ඩ්පාස් සහ ආදුරුප්පු වීථිය ප්‍රදේශවල පදිංචි අවුරුදු 22 ක් සහ 23 ක් වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකු අද අත්අඩංගුවට ගත්තා.

ඒ, සී සී ටී වී දර්ශන ඔස්සේ සිදුකළ පරික්ෂණවලදී අනාවරණ වූ තොරතුරු මතයි.

අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් දෙදෙනා මත්ස්‍ය වෙළද සංකීර්ණයේ සේවය කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

මෙම කෝටිපති ව්‍යාපාරිකයා සැළසුම් සහගත ලෙස ඝාතනය කර ඇති බවටද දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී තිබෙනවා.

ව්‍යාපාරිකයා ඝාතනය කිරීමෙන් පසු කුළී රියකින් කොළඹ සිට හෙම්මාතගම දක්වා රැගෙන යන්නට ඇති බවටයි දැනට සැක පළ කරන්නේ.

ඒ සඳහා කුලී සහයකයින්ද යොදාගෙන ඇති බවට අනාවරණ වී තිබෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් දැනට පුද්ගලයන් 25 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

ඒ අතර ව්‍යාපාරිකයින් සහ ඔහුගේ සමීපතම මිතුරන්ද සිටින බව සඳහන්.

මීට පෙර පරීක්ෂණවල පහසුව සඳහා රටින් පිටවීම තහනම් කළ ව්‍යාපාරිකයින් 5 දෙනාගෙන් ද පොලීසිය ප්‍රකාශ ලබාගෙන තිබූ අතර, ඔවුන් ඝාතනයට ලක්වූ මොහොමඩ් සුලෙයිමාන්ගේ මවගේ පාර්ශවයේ ඥාතීන් වන බවටද හෙළිවුණා.  

කෝටිපති රෙදිපිළි ව්‍යාපාරික මොහොමඩ් සුලෙයිමාන් බම්බලපිටිය - කොතලාවල ඇවනිව්හි පිහිටි සිය නිවස අසල දී පැහැර ගැනීමට ලක්වුණේ පසුගිය 21 වන දා රාත්‍රියේයි.

ඔහුගේ මළ සිරුර මාවනැල්ල - හෙම්මාතගම - රුකුලගම ප්‍රදේශයේ මාර්ගයක් ආසන්න ප්‍රපාතයක තිබී පසුගිය 24 වනදා  සොයා ගැනුනා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories