දියවන්නාවෙන් ගොඩගත් කර්නල්ගේ දෙවන ගිනි අවියේ සුලමුල සොයයි

Thursday, 01 September 2016 - 18:14

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%94%E0%B6%BD%E0%B6%B8%E0%B7%94%E0%B6%BD+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සිය බිරිදට වෙඩි තැබූ බවට චෝදනා එල්ල වූ යුද හමුදා හිටපු ලූතිනන් කර්නල්වරයා විසින් දියවන්නා ඔයට විසි කළ බවට පැවසෙන අනෙක් ගිනි අවිය සම්බන්ධයෙන් ද මේ වනවිට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

කර්නල්වරයාට මෙම ගිනි අවිය ලැබුණේ කෙසේ ද යන්න පිළිබදව පරීක්ෂණ සිදුකරන බවයි පොලිසිය සදහන් කළේ.

අද (01) දහවල් සොයා ගත් ගිනි අවියෙහි කාණ්ඩ අංකය මකා දමා ඇති බව සදහන්.

නාවික හමුදාව විසින් දියවන්නා ඔයේ අද (01) උදෑසන සිදුකළ මෙහෙයුමකින් අනතුරුවයි මෙම ගිනි අවිය සොයා ගනු ලැබුවේ.

චීනයේ නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් වන මෙය මෙරට පොලීසිය හෝ හමුදා නිලධාරීන් භාවිතා නොකරන එකක් බවටයි පොලීසිය සඳහන් කළේ.

මෙය එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිතා කළ ගිනි අවියක් බවට සැක කරන බවත් සිද්ධිය පිළිබඳ විමර්ශන සිදුකරන අතුරුගිරිය පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළා.

මීට පෙර මෙම යුද හමුදා ලූතිනන් කර්නල්වරයා භාවිතා කළ මිලිමීටර 9 වර්ගයේ පිස්තෝලයක්ද දියවන්නා ඔයට විසිකර තිබියදී නාවික හමුදාව සොයාගනු ලැබුවා.

තම පියා ගිනි අවි දෙකක් භාවිත කළ බවට හමුදා නිලධාරියාගේ දරුවන් පොලීිසියට ප්‍රකාශයක් ලබාදී තිබූ අතර, අනෙක්  ගිනි අවිය ද වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය සමඟ දියවන්නා ඔයට විසිකළ බවට හමුදා නිලධාරියා පොලීසියට පාපොච්චාරණය කර තිබුණා.

ඒ අනුවයි මෙම ගිනි අවිය සොයා නාවික හමුදාව අද (01) මෙහෙයුමක් සිදුකළේ.

මෙම ගිනි අවිය සැකකරුට ලැබුණේ කෙසේද යන්න පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මාලඹේ - ඉසුරුපුර ප්‍රදේශයේ නිවසේ දරුවන් සමඟ සිටියදී සිය බිරිදට සැකකරු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබුණේ පසුගිය 27 වනදා රාත්‍රියේයි.

 සැකකාර ලූතිනන් කර්නල්වරයා ඊයේ කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 9 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මේ අතර, යුද හමුදා කර්නල්වරයාගේ සේවය අත්හිටුවීමට ද යුද හමුදාව මේ වනවිට පියවර ගෙන තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු කර්නල්වරයාගේ බිරිදට ශල්‍යකර්ම 3 ක් සිදුකර ඇති බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළා.

ඇයගේ තත්ත්වය තවමත් යහපත් අතට හැරී නොමැති බවයි එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories