දකුණු අප්‍රිකානු ජනපති ශ්‍රී ලංකාවට

Friday, 02 September 2016 - 8:40

%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
දකුණු අප්‍රිකානු ජනාධිපති ජෙයකොබ් සුමා අද අලූයම කෙටි විරාමයක් සඳහා කටුනායක ගුවන්තොටුපලට පැමිණියා.

චීනය බලා යන අතරතුර ඉන්ධන ලබා ගැනීම සඳහා දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා රැගත් ගුවන් යානය මෙලෙස කටුනායකට පැමිණ ඇති බව සඳහන්.

දකුණු අප්‍රිකානු ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකින් ඔහු චීනය බලා යන්නේ 18 කින් යුත් දූත පිිරිසක් ද සමඟයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් විසින් දකුණු අප්‍රිකානු ජනාධිපතිවරයා ඇතුළු පිරිස ගුවන්තොටුපල විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත කැඳවාගෙන යනු ලැබුවා.

කෙසේ වෙතත් ගුවන් යානයට ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන් යළි චීනය බලා පිටත්ව ගොස් තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories