සංහිදියාව සහ යහපාලනය වෙනුවෙන් ශ්‍රී ලංකාව ඉදිරි ගමනක

Friday, 02 September 2016 - 12:42

%E0%B7%83%E0%B6%82%E0%B7%84%E0%B7%92%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B6%9A
සංහිදියාව සහ යහපාලනය නිසා ශ්‍රී ලංකාව ප්‍රගතියේ මාවතට අවතීර්ණ වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන්කී මූන් පවසනවා.
 
‘‘සංවර්ධනයේ ඉලක්ක උදෙසා තිරසාර සාමය’’ යන මැයෙන් කොළඹදී අද (02) උදෑසන විශේෂ දේශනයක් පවත්වමින් ජගත් මහලේකම්වරයා කියා සිටියේ ශ්‍රී ලංකාව මෙතෙක් ගෙන ඇති පියවර විනිවිදභාවය සහ වගවීම තහවුරු කරන බවයි.

‘‘ශ්‍රී ලංකාව අද පැහැදිලි වෙනසකට අවතීර්ණ වී සිටිනවා. පසුගිය වසරේ ජනවාරි 8 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යටතේ නව රජය පිහිටුවීමත් සමග දියත් කෙරුණේ බලාපොරොත්තු සහගත වැඩසටහනක්. එහිදී සංහිදියාව සහ යහපාලනය උදෙසා ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය ප්‍රශංසාවට ලක්විය යුතුයි. ජනතාව නව රජය පත් කර ගනු ලැබුවේ ද එම වෙනස අත්කර ගැනීමේ අපේක්ෂාවෙන්. 19 වන ව්‍යවස්ථා සංශෝධනය සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය පිළිබඳ පනත සම්මත කර ගැනීම වැදගත් ඉදිරි පියවර ලෙස සැලකිය හැකියි. 1950 දශකයෙන් පසු ප්‍රථම වරට සිංහල සහ දෙමළ භාෂාවලින් ජාතික ගීය ගායනා කිරීම ද විශේෂ කරුණක්. මෙවැනි පියවර තුළින් ජනකොටස් අතර, විශ්වාසය තහවුරු වන බව කිව හැකියි. එමගින් විනිවිදභාවය සහ වගවීම ද තහවුරු කෙරෙනවා. ’’

කොළඹ පැවති මෙම සම්මන්ත්‍රණයේදී ජගත් සංවිධාන මහලේකම්වරයා සහ කතානායක කරූ ජයසූරිය අතර ද හමුවක් සිදුවුණා.

දින තුනක නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි ජගත් සංවිධාන මහ ලේකම් බෑන් කී මූන් ඊයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද මුණ ගැසුණා.

 එහිදී ජනාධිපතිවරයා ජගත් මහලේකම් බෑන්කී මූන් වෙත පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව දිගුකාලීන යුද්ධයකින් පසු යළි ප්‍රකෘතිමත් වෙමින් පවතින රටක් බවයි.

එහිදී සෙමින් ප්‍රගතියක් අත් කර ගැනීම සදහා කාලය අවශ්‍ය බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජගත් මහලේකම්වරයා වෙත පෙන්වා දී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන්කී මූන් අද යාපනයේ ද සංචාරයක නිරත වනවා.

එහිදී ජගත් මහලේකම්වරයා උතුරේ සිදුකෙරෙන නැවත පදිංචිකිරීම් ආදිය පිළිබදව අවබෝධයක් ලබා ගැනීමට අපේක්ෂිතයි.

මේ අතර, උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ප්‍රශ්න පිළිබදව අද දිනයේදී එක්සත් ජාතීන්ගේ මහලේකම් බෑන්කී මූන් දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පවසනවා.

ඊයේ යාපනය මාධ්‍ය සමාජ කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

ඒ අනුව, නැවත පදිංචි වූවන් පිළිබදව මෙන්ම දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු කාරණ ගණනාවක් පිළිබදව දැනුම් දෙනු ඇති.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories