නිදහස් පක්ෂ උපන් දිනයට ඒකාබද්ධ විපක්ෂය කේක් කපයි

Friday, 02 September 2016 - 12:55

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%8B%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B6%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%9A%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B6%B4%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන සංවත්සරය අදට (02) යෙදී තිබෙනවා.

අභාවප්‍රාප්ත හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්ලිව්.ආර්.ඞී. බණ්ඩාරනායක විසින් 1951 වසරේ සැප්තැම්බර් 2 වනදා කොළඹ නගර ශාලාවේ පැවති රැස්වීමකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවා ගනු ලැබුවා.

ඒ අනුව, ප්‍රථම නිදහස් පක්ෂ රජය බිහිවූයේ 1956 වසරේදීයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වන උපන්දිනය යෙදී ඇති අද ඒකාබද්ධ විපක්ෂය එය සැමරීමට කටයුතු කළේ බත්තරමුල්ල - නෙළුම් මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්යාලයේදීයි.

 එහි අද සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවට පෙර උපන්දින කේක් ගෙඩියක් රැගෙනවිත් තිබූ අතර, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් එය කැපීමට එක්වුණා.

ඉන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කියා සිටියේ අද දින තම කණ්ඩායම පක්ෂ සංවත්සරය සමරන බවයි.

එමෙන්ම, කුරුණෑගල පැවැත්වෙන පක්ෂ සම්මේලනයට සහභාගි නොවිය යුතු බවට ආසන බල මණ්ඩලවල ඒකමතික තීරණය වී ඇති බවයි ඔහු සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories