රත්මලාන ගුවන් තොටුපල මාර්ගයේ මියගොස් සිටි ගුවන් හමුදා බලපන්ති සැරයන්වරයාගේ මරණයට හේතුව රිය අනතුරක් බවට මේ වනවිට සනාථ වී තිබෙනවා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී පොලීසිය සඳහන් කළේ රත්මලාන ගුවන් හමුදා කඳවුරේ සේවයේ නියුතු සාමාන්‍ය සෙබලෙකු සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අවට සී සී ටී වී දර්ශන ඒ සඳහා උපයෝගී කරගෙන තිබෙනවා.
මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ බීමතින් මාර්ගය අයිනේ වැටී සිටි ගුවන් හමුදා සෙබළා සාමාන්‍ය සෙබළා පැදවූ වෑන් රථයකට යටවී ඇති බවයි.
එය ඔහුගේ පෞද්ගලික වාහනයක් වන අතර, අනතුර සිදුවීමෙන් පසු ඔහු පලාගොස් තිබෙනවා.
අනතුරුව වෙනත් වාහන කිහිපයක්ද එම ස්ථානය පසුකර යන ආකාරය සී සී ටී වී දර්ශනවල ඇතුළත්.
මෙම ගුවන් හමුදා බලපන්ති සැරයන්වරයා මියගොස් ඇත්තේ රිය අනතුරකින් බවට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා සිදුකළ පරීක්ෂණයේදීද තහවුරු වුණා.
ඒ, මෘත ශරීරයේ තිබූ ටයර් සළකුණු සහ අවට තිබූ සාක්ෂි මත පදනම්වයි.
මියගිය 37 හැවිරිදි ගුවන් හමුදා බලපන්ති සැරයන්වරයා අගලවත්ත - ගිරිකොද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු ඊයේ (02) රාත්‍රියේ සිය නිවස බලා පිටත්ව යාමට කඳවුරෙන් පිටව ගොස් ඇති බව ගුවන් හමුදාව කියා සිටියා.

Follow US
Most Viewed Stories