රිය අනතුරුවලින් පුද්ගලයන් හතරදෙනෙක් මරුට. හයකට තුවාල

Monday, 05 September 2016 - 9:14

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B6%BB%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7.+%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD
ගතවූ පැය 24ක කාලය තුළ ප්‍රදේශ තුනකදී සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් 06 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

දඹුල්ල - මාතලේ මාර්ගයේ නාලන්ද වතුර ටැංකිය අසළ ටිපර් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී ඊයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

මේ අතර රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගයේ කුරුවිට - නිල්ලපිටිය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ සිදුවූ තවත් අනතුරකින් දෙදෙනෙකු මියගියා.

පොලීසිය සඳහන් කළේ ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

එමෙන්ම බදුල්ල - මීගහකිවුල පිටමාරුව - බෝගහතැන්න මංසන්ධියේදී වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් 06 දෙනෙකු බරපතල තුවාල ලබා මීගහකිවුල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ රාත්‍රී සිදු වූ මෙම අනතුරින් තුවාල ලැබූ 05 දෙනෙකු බරපතල තත්ත්වයේ පසුවූ බැවින් බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇති බවයි.

වෑන් රථයේ තිරිංග ක්‍රියා විරහිත වී මාර්ගයේ පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories