මරණ දඩුවම නියම වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයාට අද නොතීසි නිකුත් කළා.
ඒ මාලඹේ තොරතුරු තාක්ෂණ ආයතනයේ ඉගෙනුම ලැබූ නිපුන රාමනායක සිසුවා පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
ඒ අනුව විනිසුරුවරිය බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේ මේ මස 19 වැනිදා මොවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.
නිපුන රාමනායක සිසුවා පැහැරගෙන ගොස් පහරදී තිබුණේ 2009 වසරේ අගෝස්තු මාසයේදීයි.
මෙම සිද්ධියට අදාලව මොවුන් දෙදෙනා ඇතුළු 08 දෙනෙකුට චෝදනා එල්ල වී තිබුණා.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත්‍රයා මෙම නඩුව සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් නොකිරීම හේතුවෙනුයි මෙලෙස නොතිසී නිකුත් කෙරුණේ.
බම්බලපිටිය කෝටිපති ව්‍යාපාරික මොහොමඞ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට වරදකරුවන් වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පුත්‍රයා ඇතුළු 06 දෙනෙකුට කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මරණ දඩුවම නියම කළේ පසුගිය වසරේ නොවැම්බර් මස 27 වැනිදායි.
මේ අතර කොළඹ අපරාධ කොට්ඨාශයටද අධිකරණයේ පෙනී සිටින ලෙස මහාධිකරණ විනිසුරුවරිය නොතීසි නිකුත් කළ අතර ඊට හේතුවූයේ ඔවුන් අද දිනයේ මෙම නඩුවට පෙනී නොසිටීමයි.

Follow US
Most Viewed Stories