සාලාවේ වැසියන් මානව හිමිකම් යයි

Monday, 05 September 2016 - 18:21

%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
කොස්ගම - සාලාව යුද හමුදා කදවුරේ සිදුවූ පිපිරීමෙන් පසු වන්දි ලබාදීමේදී සිදුවූ අසාධාරණකම්වලට එරෙහිව මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බව පිපිරීමෙන් පීඩාවට පත්වූ ප්‍රදේශවාසීන් පිරිසක් අද ප්‍රකාශ කළා.

ඔවුන් ‘සාලාව අපි ජනතා කදවුර’ නම් සංවිධානයක් ද පිහිටුවාගෙන ඇති අතර එහි ලේකම් මහේෂ් කුමාරසිංහ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පිපිරීම සිදුවූ මාස 3 ක් ගත වුවත් ජනතාවට නිසි සහන ලැබී නොමැති බවයි.

තම නිවාස වලට නිසි තක්සේරුවක් ලැබී නොමැති බව මාධ්‍ය හමුවට එක්වූ ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකු කියා සිටියා.

සාලාව කඳවුරේ පිපිරීම සිදුවුණේ පසුගිය ජුනි 5 වනදායි. එහිදී කදවුර අවට පිහිටි නිවාස රැසකට හානි සිදුවුණා.

පිපිරීමෙන් දේපල හානි සිදුවූ පුද්ගලයින්ට මාසිකව රුපියල් 50,000 ක දීමනාවක් ලබාදීමට ද රජය පසුව තීරණය කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories