තානාපතිට පහරදීම රජයට කළ පහරදීමක් - මහින්ද

Monday, 05 September 2016 - 18:49

%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B6%A7+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF
මැලේසියාවේ තානාපතිවරයාට එල්ල කළ ප්‍රහාරය මෙරට රජයට එල්ල කළ ප්‍රහාරයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

සිය මැලේසියානු සංචාරය නිමවා නැවත අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි හිටපු ජනාධිපතිවරයා ගුවන් තොටුපළේදී මාධ්‍ය වෙත මේ බව සදහන් කළා.

මැලේසියාවේ පැවැත්වුණු ආසියානු දේශපාලන පක්ෂවල ජාත්‍යන්තර සම්මේලනයට සහභාගි වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දිවයිනට පැමිණීම සඳහා ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේ විශේෂ ආරක්ෂාවක් යටතේයි.

එරට ආරක්ෂක නිලධාරීන් මෝටර් රථයකින් හිටපු ජනාධිපතිවරයා පැමිණීමට නියමිත වූ ගුවන් යානය වෙත ඔහුව රැගෙන ආවා.

එලෙස මැලේසියාවෙන් පිටත් වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද පෙරවරු 10.30ට දිවයිනට පැමිණියා.

හිටපු ජනාධිපතිවරයා ගුවන් තොටුපළින් පිිටතට පැමිණියේ සාමාන්‍ය මගීන් පැමිණෙන පර්යන්තයෙන් වීම විශේෂත්වයක්.

ඔහු පිළිගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

එම අවස්ථාවේ රැස්ව සිටි පිරිස් හිටපු ජනාධිපතිවරයා පිළිගැනීමට පැමිණීමේ පර්යන්තයෙන් ඇතුළුවීමට උත්සාහ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories