අම්බලන්තොටම කම්පාකරවමින් කුඩා පිරිමි දරුවකු රිය අනතුරකින් මියයි

Tuesday, 06 September 2016 - 7:29

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B6%B8+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B6%BB%E0%B7%80%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A++%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%92+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
මව්පියන්ගේ නොසැළකිල්ල හේතුවෙන් අම්බලන්තොට රොටවල ප්‍රදේශයේදී වයස අවුරුදු 4ක පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ,ලොරි රථයක ගැටීමෙන්.

අම්බලන්තොට රොටවල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබෙන්නේ අද පස්වරුවේයි.

සිය මව සහ පියා සමග අම්බලන්තොට නගරයට ගොස් ත්‍රිරෝද රථයකින් පැමිණි මෙම සිව් හැවිරිදි දරුවා නිවස ඉදිරිපිටදී රථයෙන් බැස මාර්ගය හරහා මාරුවී තිබෙන්නේ තනිවමයි.

එම අවස්ථාවේදී රොටවල සිට අම්බලන්තොට දෙසට ධාවනය වූ ලොරි රථයක දරුවා ගැටී තිබෙන බවයි අප වාර්තාකරු සදහන් කළේ.

දරුවා මාර්ගය හරහා පනින අවස්ථාවේදී මව සහ පියා ත්‍රිරෝද රථයේ වූ බඩු මලු නිවස වෙත රැගෙන යාමට සූදානම් කරමින් සිට ඇති බවසඳහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories