හිටපු ජනපති මලයාසියාවට ගිය හැටි

Tuesday, 06 September 2016 - 13:02

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැලේසියාවේ පැවැති ආසියානු දේශපාලන පක්ෂ සමුළුවට සහභාගි වූයේ ජගත් සංවිධානයේ මහලේකම්වරයාට මුහුණදීමට ඇති නොහැකියාව මත බව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශ කරනවා.

එම පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මේ බව කියා සිටියේ කළුතර ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින්.

‘‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමානයේ අනුශාසකයෙක් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා. ඒ පක්ෂයේ සමුළුව පැවැත්වුණා කුරුණෑගල.
සමුළුවට ආරාධනා කරලා තියෙනවා අනුශාසකවරයාටත්.
අනුශාසක කළේ රටින් පැන්න එක සම්මේලනයට එන්නේ නැතුව.
මැලේසියාවට ගිය හේතුව ලෙස මාධ්‍ය වාර්තා කරන්නේ ආසියානු රටවල දේශපාලන පක්ෂවල සමුළුවට සහභාගි වෙන්න කියලා.
‘හයිජෙක්’  සමුළුව.
එහෙනම් මේ මොකෝ තකහනියක් තමන්ගේ පක්ෂ සමුළුව තිබෙද්දි ඒක මඟඇරලා යන්නේ මේ ජාත්‍යන්තර සමුළුවකට.
අපිට හිතෙන්නේ නම් බෑන් කී මූන්ට මුහුණ දෙන්න බැරුව කියලයි. මොකද බෑන් කී මූන් හැම තිස්සෙම මතක් කරනවා මහින්ද මහත්තයාට ඒ දෙන්න අත්සන් කළ ගිවිසුම.
2009 මැයි 27 වැනිදා යුද්ධය අවසන් වෙලා දින කිහිපයකට පස්සේ ඒක අත්සන් කළේ.
මේ තකහනියක් තමන්ගේ පක්ෂ සමුළුව තියාගෙන මැලේසියාවට ටුවර් එකක් යන්න තිබ්බ එකම හේතුව බෑන් කී මූන්ට මුහුණ දෙන්න බැරි එකයි.’’


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories