රාජ්‍ය ඇමති රංගේ බණ්ඩාරට වරෙන්තු නිකුත් කිරීම මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි

Tuesday, 06 September 2016 - 13:15

%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන්නැයි නීතිපතිවරයා කළ ඉල්ලීම කොළඹ මහාධිකරණය අද ප්‍රතික්ෂේප කළා.

ඒ, වාහනයක් ලබා දෙන බව පවසමින් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 54ක් ලබාගෙන එම වාහනය හා මුදල් නැවත ලබා නොදුන්නේ යැයි අමාත්‍යවරයාට එරෙහිව පවරා ඇති නඩුව අද කැදවූ අවස්ථාවේදීයි.

අද දිනයේදී තමන්ට පාර්ලිමේන්තුවට යෑමට අවශ්‍ය බවට පාලිත රංගේ බණ්ඩාර පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ අත්සනින් යුතු ලිපියක් අධිකරණයට ඉදිරිපත් කළා.

ඒ අනුව මොහුට මහාධිකරණ විනිසුරු එන්. වී. කරුණාතිලක දැනුම් දුන්නේ නොවැම්බර් මස 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසයි.

එමෙන්ම පාර්ලිමේන්තුව නොපැවැත්වෙන දින පිළිබඳව අධිකරණය දැනුවත් කරන ලෙසද විනිසුරුවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයාට දැනුම් දුන්නා.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories