රුපියල් දෙදහසට ළදරුවෙකු අලෙවි කිරීමට තැත් කළ මවක් අල්ලයි

Wednesday, 07 September 2016 - 13:23

%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%A7+%E0%B7%85%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B8%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
මාස 9 ක් පමණ වයසැති ළදැරියක් රුපියල් 2000 කට විකිණීමට උත්සාහ කළ මවක් මහනුවර - කටුගස්තොට ප්‍රදේශයේදී ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය සදහන් කළේ අනියම් සබදතාවයක් මත මෙම ළදැරිය බිහිවී ඇති බවයි.

වසර ගණනාවක සිට මෙම කාන්තාව විදේශ රටවල ගෘහ සේවයේ නිරත වී තිබෙනවා.

ඇය පසුගිය 3 වනදා ලංකාවට පැමිණ ඇත්තේ මාස 9 ක් පමණ වයසැති ළදැරියක් සමගයි.

කෙසේ වෙතත්, ඇයගේ නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා විසින් ළදැරිය භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

 එම හේතුව නිසා අදාළ කාන්තාව දැරිය රුපියල් 2000 ක් වැනි සුළු මුදලකට විකිණීමටයි තීරණය කර ඇත්තේ.

තම දරුවා විකුණන බවට පුද්ගලයන් කිහිපදෙනෙකුට පවසා ඇති ඇය ඒ සදහා ගැණුම්කරුවෙකු සොයා දෙන ලෙස දැනුම් දී තිබෙනවා.

එලෙස දැනුම් දුන් පුද්ගලයෙකු විසිනුයි මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යාංශය වෙත මේ පිළිබඳව දැනුම්දී ඇත්තේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories