ඉන්දීය අගමැති, මෙරට යෝගි සැසියකට

Wednesday, 07 September 2016 - 13:29

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%2C+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන වසරේ මෙරට සංචාරයකට එක්වනවා.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ මෙරටට පැමිණ සිටින ඉන්දීය සෞඛ්‍ය අමාත්‍ය ජේ. පී. නඩ්ඩා අතර ඊයේ (06) පැවති සාකච්ජාවකදී මෙම කරුණු අනාවරණය වී තිබෙනවා.

ඉන්දීය රජයේ අනුග්‍රහය මත සංවර්ධන කෙරෙන හැටන් - දික්ඔය රෝහල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගිවීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණෙන බව සාකච්ජාවට එක්වූ ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු නියෝජිත පිරිස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න දැනුම්වත් කර තිබෙනවා.

ඒ අනුව ලබන වසරේ වෙසක් පෝ දින මෙම රෝහල විවෘත කෙරෙන අතර එදින ගාලූ මුවදොර පිටියේ පැවැත්වෙන යෝග වැඩසටහනකට ද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එක්වනු ඇති. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories