හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක යළි රිමාන්ඩ්

Wednesday, 07 September 2016 - 14:04

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%99%E0%B7%82%E0%B7%8A%E0%B6%A8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මේ මස 21 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් හමුවේ කැදවූ අවස්ථාවේදීයි.

එමෙන්ම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින නාරාහේන්පිට පොලීිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික ද එදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ.

ඝාතනයට අදාළව සාක්ෂි වසන් කිරීම ඔවුන්ට එල්ල වී ඇති චෝදනාවයි. හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර 2003 වසරේ සිට ඔහු රජයේ සහ පෞද්ගලික රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලැබූ අවස්ථා පිළිබඳ වාර්තාවක් ලබාදෙන ලෙස අතිරේක මහේස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂවරයාට නියෝග කළා.

මේ අතර අද දිනයේ නීිතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්  ඩිලාන් රත්නායක අධිකරණයට දන්වා සිටියේ ඝාතනය සිදුවූ දින නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයාට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලැබුණු ඇමතුම් පිළිබඳ තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සන්නිවේදන පද්ධතිය තංගල්ලේ පිහිටි හිටපු ජනාධිපතිිවරයාගේ නිවස සමඟද සම්බන්ධ කර තිබූ බවට හෙළිවී ඇතැයි රජයේ නීතීඥවරයා එහිදී සඳහන් කළා.

නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගණය අසළ මාර්ගයක මෝටර් රථයක් තුළ මියගොස් සිටි තාජුඩීන්ගේ සිරුර 2012 වසරේ මැයි මස 17 වනදා සොයා ගැනුනා.

රිය අනතුරකින් ඔහු මියගිය බවට පළමුව වාර්තාවූවත් පසුව කරන ලද පරීක්ෂනවලදී හෙළිවුණේ තාජුඩීන් ඝාතනය කර ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories