ගුවන් නියමුවන්ගේ මත්ද්‍රව්‍ය පරීක්ෂාව අඛණ්ඩව

Thursday, 08 September 2016 - 7:43

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%9B%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%80
ගුවන් නියමුවන් සඳහා නිරන්තරයෙන් අහඹු ලෙස සිදුකරන මත්ද්‍රව්‍ය පරීක්ෂාව තවදුරටත් සිදුකිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකන් සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියාමනයන්ට අනුව සියලූම ගුවන් සේවාවන්හි ගුවන් නියමු කාර්ය මණ්ඩලය මෙම පරීක්ෂණය සිදුකිරීම අනිවාර්ය වනවා.

රාජකාරි අවස්ථාවේදී මෙම පරීක්ෂණය සිදුකිරීම ප්‍රතික්ෂේප කළහොත් සිවිල් ගුවන් සේවා රෙගුලාසි උල්ලංඝනය කිරීමක් ලෙස එය සැළකිය හැකියි.

සෑමවිටම උසස් ආරක්ෂක ප්‍රමිතින්වලට අනුකූලව කටයුතු කරමින් ගුවන් මගීන්ට ගුණාත්මක සේවාවක් ලබාදීම නව ක්‍රමවේදයේ අරමුණයි.

ගුවන් මගීන්ගේ ආරක්ෂාව, ගුවන් සමාගමේ ප්‍රමුඛ වගකීමක් වන බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහන් කළා.

පසුගිය අගෝස්තු 19 වන දා ෆ‍්‍රෑන්ක්ෆර්ට් නුවර සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ සේවයට අනුයුක්ත කපිතාන්වරයෙකු එම ගුවන් තොටුපළේදී සිදුකළ මත්පැන් පරීක්ෂාවෙන් අසමත් වුණා.

ඉන් පසු ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමටයි ශ්‍රී ලන්කන් ගුවන් සේවය තීරණය කළේ.

එම සිද්ධියට අදාළ පරීක්ෂණ නිම වන තුරු ඔහුට නිකුත් කර තිබූ නියමු බලපත්‍රය අත්හිටුවනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories