මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ දේහය යළි ගොඩගැනීමට අධිකරණයෙන් නියෝග

Thursday, 08 September 2016 - 10:52

%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BD%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%84%E0%B6%BA+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C
ඝාතනයට ලක්වූ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ මෘත දේහය ගොඩ ගැනීමට ගල්කිස්ස ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඞ් සහබ්දීන් අද (8) අවසර ලබා දුන්නා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කරුණු ලැබූ ඉල්ලීමකට අනුව කොළඹ අලූත් කඩේ අංක දෙක අධිකරණයේ මහෙස්ත්‍රාත්වරයාගේ අධීක්ෂණය යටතේ මෙම මෘත දේහය මේ මස 27 වැනිදා පෙරවරු 8ට ගොඩ ගන්නා ලෙසටයි නියෝග කෙරුණේ.

බොරැල්ල පොදු සුසාන භූමියේ මිහිදන් කර ඇති ලසන්ත වික්‍රමතුංගගේ මෘත දේහය වෛද්‍ය මණ්ඩලයක් ඉදිරියේ ගොඩ ගන්නා ලෙසද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා.

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මෝටර් රථයක ගමන් කරමින් සිටියදී අත්තිඩිය අධි ආරක්ෂිත කලාපය තුල ඝාතනයට ලක්වූයේ 2009 වසරේ ජනවාරි මස 08 වැනිදායි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට යුධ හමුදා බුද්ධි අංශ සැරයන්වරයෙකු අත්අඩංගුවට ගනු ලැබු අතර  ඔහුගේ නීතීඥවරයා තම සේවාදායකයාට ඇප ලබාදෙන ලෙස කළ ඉල්ලිම විනිසුවරයා අද ප්‍රතික්ෂේප කළා.

ඒ අනුව සැකකරු මේ මස 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සඳහා යොදාගත් ගිනි අවිය යුධ හමුදාවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය යටතේ මිලදී ගත් එකක් ද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට ආරක්ෂක ලේකම්වරයාගෙන් වාර්තාවක් කැදවීමට රහස් පොලිසිය අද අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.

ඒ සඳහාට අවසර හිමි වූ බවයි නීතිඥ නීතීඥ අතුල එස්. රණගල කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories