හිටපු ජනාධිපති ලේකම් බරපතල වංචා සොයන ජනපති කොමිසමට

Thursday, 08 September 2016 - 11:05

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග බරපතල වංචා විමර්ශන ජනාධිපති කොමිසම වෙත අද (08) පැමිණියා.

ඒ පසුගිය ජනාධිපතිවරණ සමයේ තැපැල් දෙපාර්තමේන්තුවේ පැවති උත්සවයක් අවස්ථාවේදී සිදු වූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශක් ලබාදීම සඳහායි.

මෙම උත්සවය තැපැල් ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන්ට සහ මුද්දර කාර්යාංශයේ නිලධාරීන්ට පැවති අතර එහිදී ඔවුන්ට ආහාර සැපයීමේදී මූල්‍ය අක්‍රමිකාවක් සිදු වූ බවට ජනාධිපති කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත්ව තිබෙනවා.

අද උදෑසන 10 ට පමණ මෙම කොමිසම වෙත පැමිණි හිටපු ජනාධිපති ලේකම්වරයාගෙන් මේ වනවිටත් ප්‍රකාශයක් ලබාගනිමින් සිටින බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories