ගුවන් නියමුවන් අකුරට වැඩ කිරීමට සැරසෙයි

Thursday, 08 September 2016 - 12:34

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A9+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ ගුවන් නියමු වෘත්තීය සමිති එකමුතුව හෙට සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට සූදානම් වනවා.

ඒ ගුවන් නියමුවන් බීමවත්ව සිටියා දැයි පරීක්ෂා කිරීමට ආරම්භ කර ඇති ක්‍රමවේදයට විරෝධය පළ කරමින්.

හෙට ආරම්භ කිරීමට නියමිත මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් ගමන්වලට බාධා සිදුවනු ඇති බව ගුවන් නියමු වෘත්තීය සමිතියේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

පසුගිය මස 19 වැනිදා ජර්මනියේ ෆ‍්‍රෑන්ක්ෆර්ට් නුවර සිට කොළඹ බලා පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානයක් ප්‍රමාද කර ධාවනය කිරීමට සිදුවුණේ ගුවන් නියමුවෙකු බීමත්ව සිටීම හේතුවෙන්.

පසුව සිදුකළ මත්පැන් පරීක්ෂාවෙන් ඔහු අසමත් වීම නිසා එම ගුවන් නියමුවාගේ සේවය අත්හිටුවීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම තීරණය කළා.

මේ අතර, ඊයේ (07) නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහන් කළේ ගුවන් නියමුවන් සඳහා අහඹු ලෙස කරන මත්ද්‍රව්‍ය පරීක්ෂාව තවදුරටත් සිදු කිරීමට තීරණය කර ඇති බවයි.

රාජකාරි අවස්ථාවලදී මෙම පරීක්ෂණ සිදු කිරීම ප්‍රතික්ෂේප කළහොත් සිවිල් ගුවන් සේවා රෙගුලාසි උල්ලංඝනය කිරීමක් ලෙස එය සලකන බවයි එහි දැක්වෙන්නේ.

කෙසේ වෙතත් අදාල ක්‍රමවේදය ලොව පිලිගත් අයුරින් සිදු කළ යුතු බව ගුවන් නියමු වෘත්තීය සමිතිය පවසනවා.

එහෙත් මෙය දැන් සිදු කෙරෙන්නේ අවිධිමත් ක්‍රමවේදයකට බව පවසන ඔවුන් ඊට විරෝධය පළ කරමින් හෙට මධ්‍යම රාත්‍රියේ සිට මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කිරීමට සැලසුම් කර ඇති බවයි ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories