දේශීය ආදායම් නිලධාරින් විරෝධතාවක

Thursday, 08 September 2016 - 14:26

%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A
දේශීය ආදායම්  දෙපාර්තමේන්තුවේ බදු පරිපාලන කටයුතු පෞද්ගලික සමාගමක් හරහා ක්‍රියාත්මක  කිරීමට එරෙහිව දේශීය ආදායම්  සේවාවේ වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව අද විරෝධතාවයේ නිරතවුණා.

ඒ, කොළඹ පිහිටි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදියි.

ඔවුන් පසුගිය සඳුදා මෙම තීරණයට එරෙහිව ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක  නිරතවූ  අතර, අද විරෝධතාවකද නිරතවුණා.    

මේ සම්බන්ධයෙන්  පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පෙරේදා විමසා තිබූ ප්‍රශ්නයකට මුදල් අමාත්‍ය රවී කරුණානායක ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රතිචාර දක්වා සිටියා.

බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අද දිනයේත් මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමත් සමඟ උණුසුම් කථාබහක් ඇතිවුණා.

ඒ, සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මැදිහත්වීමත් සමඟයි. සංවාදයට කථානායක කරූ ජයසූරිය ද මැදිහත්වුණා.

ශ්‍රී ලංකා නිදහස්  පක්ෂය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන්  යාපා අබේවර්ධනගෙන් මාධ්‍යවේදියෙකු විමසා සිටියේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණයට  ලක් කිරීමේ සූදානමක් ඇත්ද යන්නයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories