පොලිස් සිරමැදිරියේ සිටි බඳගිරියේ තරුණයෙකු අතුරුදන්

Thursday, 08 September 2016 - 18:59

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%B6%E0%B6%B3%E0%B6%9C%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A
හම්බන්තොට - බඳගිරිය - යහන්ගල ප්‍රදේශයේදී වී මළු සොරකම් කිරීමේ චෝදනාවක් මත අත්අඩංගුවට ගත් තම සොහොයුරා පොලිස් සිරමැදිරිය තුළ සිටියදී අතුරුදන්වී ඇතිබවට ඥාතීන් චෝදනා කරනවා.

පසුගිය සඳුදා සවස මෙම තරුණයා සහ ඔහුගේ මිතුරන් දෙදෙනෙකු හම්බන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ මෙම ප්‍රදේශයේ  ගබඩාවකින් වී තොගයක් සොරකම් කිරීමේ චෝදනාවටයි.

කෙසේ වෙතත් අතුරුදන් වූ තරුණයාගේ සොහොයුරා කියා සිටියේ එදින රාත්‍රියේ තම සොහොයුරාගේ සුවදුක් බැලීමට හම්බන්තොට පොලිස් ස්ථානයට ගිය අවස්ථාවේ ඔහු පොලිස් සිරමැදිරියේ සිටි බවයි.

නමුත් පසුදින ජී.ජී. ගයාෂාන් නැමති තම සොහොයුරා පොලීසියෙන් පළා ගොස් ඇති බවට තමන්ට දැනුම් දුන් බවයි ඔහු කියා සිටියේ.

මෙම තරුණයා සමඟ අත්අඩංගුවට ගත් මිතුරන් දෙදෙනා පසුදින ඇප මත මුදාහැර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් මෙතෙක් තම සොහොයුරා පිළිබඳ කිසිදු  තොරතුරක් දැනගන්නට නොමැති බවයි අතුරුදන්වූ බව කියන තරුණයාගේ සොහොයුරා වන ජී.ජී. රෝෂන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය හම්බන්තොට පොලීසියෙන් කළ විමසීමකදී එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ වී තොගයක් සොරකම් කිරීමේ චෝදනාව මත තරුණයින් දෙදෙනෙකු පමණක් අත්අඩංගුවට ගත් බවයි.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුව ජී.ජී. ගයාෂාන් නැමැත්තා පසුව අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු පළාගිය බවයි පොලීසිය වැඩිදුරටත් කියා සිටියේ්.

අත්අඩංගුවට ගෙන සිටියදී පලාගිය බවට සඳහන් තරුණයාගේ මිතුරන් දෙදෙනා ඊට පසුදින හම්බන්තොට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණු බවයි පොලීසිය සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories