update : ත්‍රිකුණාමලයේ දැරිය ඝාතනය සම්බන්ධයෙන් 16 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට

Friday, 09 September 2016 - 6:58

update+%3A+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+16+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ත්‍රිකුණාමලය - සාම්පූර් - නීලක්කර්නි ප්‍රදේශයේදී 6 හැවිරිදි කුඩා දැරියක් ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් 16 හැවිරිදි බාල වයස්කාර සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.

මේ වනවිට ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදුකරන බවයි සාම්පූර් පොලිසියේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

සාම්පූර් - නීලක්කර්නි කැලෑ ප්‍රදේශයක තිබී සැකකටයුතු ලෙස මියගිය දැරියකගේ මළ සිරුරක් ඊයේ සොයා ගත්තා.

මළ සිරුර සොයා ගන්නා අවස්ථාවේ එය නිරුවත්ව තිබූ බවයි වාර්තා වන්නේ.

සිද්ධිය පිළිබදව සිදුකළ මූලික විමර්ශනවලදී 6 හැවිරිදි දැරිය අපයෝජනයකට ලක් කර ඝාතනය කර ඇති බවට තොරතුරු ලැබී තිබුණා.

ඒ අනුව, පුද්ගලයන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගත් අතර සැකකරු හෝ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය පරීක්ෂණ ක්‍රියාත්මක කළා.

ඒ අනුවයි, 16 හැවිරිදි බාල වයස්කරුවෙකු සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවේ.

සැකකරු මියගිය දැරියගේ ඥාතියෙකු වන අතර, ඇයගේ නිවස ආසන්නයේම පදිංචිව සිට ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මියගිය දැරියගේ දේහයේ කොටස් වැඩිදුර පරීක්ෂණ සදහා ත්‍රිකුණාමලය මහරෝහල වෙත යොමුකර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරු ද වෛද්‍ය පරීක්ෂණයක් සදහා ඉදිරිපත් කිරීමට නියමිතයි.  

ඝාතනයට ලක්වූ කුඩා දැරියගේ මව රැකියාවක් සදහා විදේශ ගත වී ඇති අතර ඇය ජීවත්ව ඇත්තේ සිය මිත්තණිය සමගයි.

සිද්ධිය වන අවස්ථාවේ කුඩා දැරිය නිවස අසල ක්‍රීඩා කරමින් සිට ඇති අතර, මිත්තණිය නිවසින් බැහැරව සිට ඇති බවයි වාර්තා වී ඇත්තේ.

Friday, 09 September 2016- 09.01
---------------------------------------------------------------------------------------

ඝාතනය කරන ලද බවට සැක කෙරෙන 6 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් ත්‍රිකුණාමලය - සාම්පූර් - නීලක්කර්නි ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබෙනවා.

සාම්පූර් පොලීසියේ  ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් සැක කෙරෙන පුද්ගලයෙකු සොයා මේ වනවිට පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

ඊයේ දහවල් නිවස අසල ක්‍රීඩා කරමින් සිටි මෙම දැරිය අතුරුදන් වී තිබුණා.

පසුව පොලීසියට ලද දුරකථන  පණිවුඩයකට අනුව නිවස ආසන්න කැලෑබද ප්‍රදේශයක තිබී දැරියගේ මළසිරුර සොයාගත්තා.

මෙලෙස මියගිය  දැරියගේ මව රැකියාවක් සඳහා විදේශ ගතවී ඇති අතර ඇය රැඳී සිට ඇත්තේ මිත්තණිය භාරයේයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories