අනුරාධපුරයෙන් හමුවූ සිරි පතුලට පොලිස් ආරක්ෂාව

Monday, 12 September 2016 - 13:57

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%B4%E0%B6%AD%E0%B7%94%E0%B6%BD%E0%B6%A7+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80
අනුරාධපුර - කුඩාහල්මිල්ලවැව ප්‍රදේශයේ නිවසක මිදුලක තිබී සොයා ගැණුනු සිරිපතුල් යුගලයක් සහිත කළුගල් පුවරුව තිබූ ස්ථානයට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජිතයෙකු ගොස් තිබෙනවා.

අනුරාධපුර සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ සී.එම්.පී.ජේ.පී දිසානායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සිරිපතුල සහිත කළුගල් පුවරුව හමුවූ ස්ථානයට අනුරාධපුර පොලිසියේ පෞරාණික වස්තු ආරක්ෂණ කොට්ඨාසය විසින් ආරක්ෂාව ලබාදී ඇති බවයි.

මෙම කළුගල් පුවරුව කුමන යුගයකට අයත්දැයි මෙතෙක් ගණනය කර නැහැ.

පෞරාණික වටිනාකමකින් යුත් බවට විශ්වාස කෙරෙන සිරිපතුල් යුගලයක් සහිත මෙම කළුගල් පුවරුව ඊයේ සොයා ගැණුනේ අනුරාධපුර - කුඩාහල්මිල්ලවැව ප්‍රදේශයේ නිවසක මිදුලක තිබීයදීයි.

මෙම කළුගල් පුවරුව අඩි දෙකක් පමණ දිගින් හා අඟල් 06 පමණ උසකින් යුක්තයි.

දරුවන්ට සෙල්ලම් කිරීමට නිවස අසල ඔන්චිල්ලාවක් බැඳ තිබූ ස්ථානයක කළු ගලක් මතුවී තිබු අතර එය ඉවත් කිරීමට යාමේදී කැටයම් සහිත මෙම කළුගල් පුවරුව හමු වූ බවයි එය සොයාගැණුනු ගයාන් ලහිරු සම්පත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories