Update : අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම නාහිමියන් දැයෙන් සමු ගනී

Monday, 12 September 2016 - 14:11

Update+%3A+%E0%B6%85%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%8F%E0%B6%8B%E0%B6%BA%E0%B6%B1%E0%B7%9A+%E0%B6%85%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B0%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8+%E0%B6%B1%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහ නිකායේ අනුනායක අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමියන්ගේ ශ්‍රී දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකෙරුණා.

උන්වහන්සේගේ ශ්‍රී දේහය රැගත් රථ පෙළපාලිය බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී කල්‍යාණ ධර්ම ආශ්‍රමයේ සිට පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය දක්වා පැමිණීමෙන් අනතුරුව විශේෂ ආගමික වතාවත් සිදුකෙරුණා.

 පාංශුකූල චාරිත්‍ර සිදුවූයේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහනායක අග්ග මහා පණ්ඩිත, රාජකීය පණ්ඩිත, විනය විශාරද, අතිපූජ්‍ය නාපානේ ප්‍රේමසිරි මහනායක මාහිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන්.

රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැති ආදාහන පූජෝත්සවය සඳහා මහා සංඝ රත්නය සේම මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දේහයට අවසන් ගෞරව දැක්වූ අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ශෝක පණිවුඩය අවමංගල්‍ය සභාවේදී ඉදිරිපත් කළේ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන විසින්.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද ආදාහන පූජෝත්සවයට එක්ව සිටියා.     



Update : Monday, September 12, 2016 : 7.22
..............................................................................................


අපවත් වී වදාළ රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය නාඋයනේ අරියධම්ම හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව සහිතව අද පස්වරුවේ පාර්ලිමේන්තු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී කල්‍යාණි ධර්ම යෝගාශ්‍රමයේ තැන්පත් කර තිබූ දේහය පාර්ලිමේන්තු ක්‍රීඩාංගණය වෙත වැඩමවීම මේ වනවිට ආරම්භවී ඇති බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ අනුශාසක ධුරය ද හෙබවූ උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකදී පසුගිය බදාදා අපවත්වන විට 79 වන වියේ පසුවුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories