කාවේරි නදියේ ජලය වෙනුවෙන් ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ විරෝධතා

Tuesday, 13 September 2016 - 8:30

%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%BB%E0%B7%92+%E0%B6%B1%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B7%8F%E0%B6%A7%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F
කාවේරි නදියේ ජලය බෙදා ගැනීම  සම්බන්ධයෙන් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට ලබාදුන් නියෝගයක් හේතුවෙන් දකුණු ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කලහකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ කාවේරි නදියේ වැඩි ජල ප්‍රමාණයක් තමිල්නාඩු ප්‍රාන්තය වෙත මුදා හරින ලෙසයි.

ඉන් අනතුරුව පැන නැගුණු විරෝධතාව අද තවදුරටත් උත්සන්න වූ අතර, බැංගලෝර් නුවර මගී බස් රථ 20ක් පමණ ගිනිබත් කර තිබෙනවා.

විරෝධතාකරුවන් මෙලෙස ගිනි තබා ඇත්තේ කර්ණාටක ප්‍රාන්තයේ සිට තමිල්නාඩුව වෙත ගමන් කරන බස් රථ වලටයි.

ප්‍රාන්තයේ සාමය තහවුරු කිරීම සඳහා 15,000ක පමණ පොලිස් බල ඇණියක් යොදවා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories